Skip to main content

Git සහ GitHub ගැන සිංහලෙන් - 01

The Rise blog එකට ඔයාල හැමෝවම ආයුබෝවන් කියල පිලිගන්නවා. මේක තමයි මම ලියන පලවෙනි blog පොස්ටුව. ඉතින් මේක කියවල අඩුපාඩු පල්ලෙහායින් comment එකකුත් දාන්න කියල ඉල්ලන ගමන්ම අපේ මාතෘකාවට මම එන්නම්.

අපිට මොකටද Git ?

Git ගැන කතා කරන්න කලින් අපි බලමු ඇයි අපිට Git වගේ software ඕනි වෙන්නේ කියල.  මම පුංචි උදාහරණයක් ගන්නම්. අපි හිතමු, අපි මාස 3ක් 4ක් ඉදන් software එකක් develop කරන් යනවා. ඔයාලට හිතාගන්න පුළුවන්නේ මාස 3ක් 4ක් යනකොට මුලින් empty folder එකක් විදිහට තිබ්බ software project එක කොච්චර වෙනස් වෙලා ඇතිද කියල කොච්චර files add වෙලාද ඒ files කොච්චර change වෙලා ඇතිද කියල. ඉතින් ඔන්න මාස 4කට විතර පස්සේ අපිට ආයෙත් මාස 2 කට විතර කලින් තිබ්බ code එක බලන්න ඕනි වෙනව. දැන් කොහොමද අපි පරණ code එක බලන්නේ? ඔන්න ඔය ප්‍රශ්නෙට විසදුමක් විදිහට තමයි ඉස්සෙල්ලම version control systems  කියල ජාතියක් ලෝකෙට එන්නේ.
ලෝකයේ ගොඩක් දෙනෙක් use කරන ගොඩක් ප්‍රසිද්ද අපි කතා කරපු විදිහේ  version control systems එකක් තමයි Git කියල කියන්නේ. Git මෙච්චර ජනප්‍රිය වෙන්න ප්‍රදාන හේතුවක් තමයි ඒක Free & Open Source software එකක් වීම.
අපි software develop කරන කොට අපිට කරන්න ඕනිවෙන තව දෙයක් තමයි මාස 2කට විතර කලින් තිබුන code එක වෙනම software එකක් විදිහට ඉස්සරහට develop කරන් යන්න අපේ දැන් තියෙන code එකත් එහෙම්මම තියෙද්දී. උදාහරණයක් විදිහට ගත්තොත් අපි foodcity එකට software එකක් ලියනවා ඕක ලියන අස්සේ අපිට arpico එකෙනුත් කියනවා software එකක් ලියල දෙන්න කියල. foodcity එකෙයි arpico එකෙයි backend ගොඩක් සමානයිනේ මොකද 2ම කරන්නේ එකම වැඩේනේ පොඩ්ඩක් පෙනුම වෙනස් කරන්න විතරනේ අපිට තියෙන්නේ ඉතින් අපිට foodcity software එකේම backend එක හදල ඉවර කරපු වෙලාවට ගිහින් ඒ code එකම ආයේ පාරක් arpico එකට ඕනි විදිහට change කරන්න තිබුනානම් කොච්චර ලේසියෙන් ඒ වැඩ 2ම අපිට ඉවර කරගන්න පුලුවන් වෙයිද?
අපිට foodcity software එක වෙනම develop කරන යන ගමන් arpico software එකත් ඒකෙම තව කොටසක් විදිහට develop කරන් යන්න පහසුකම මේ Git software එක අපිට ලබා දෙනවා.

කොහොමද version control system වැඩ කරන්නේ?

සරලවම කියනවනම් මේ version control systems  වලින් කරන්නෙ අපි කරන changes ගැන track එකක් තියාගන්නවා. හරියට අපි පාඩම් පොතක් කියවද්දි විශේෂ පිටු වලට bookmark දාගන්නවා වගේ.අපිට ඕනි වෙලාවක ලෙසියෙන්ම ආයෙත් පරණ bookmark එකක් තියෙන තැනකට ඇවිත් බලන්න පුළුවන්.
මේ විදිහට අපිට අපේ code එකෙත් ඉස්සරහට පස්සට යන්න පුලුවන් Git කියන softwear එක පාවිච්ච් කරල. ඒ කියන්නේ අපි change එකක් කරලා Git එකට කිව්වහම ඒ තැන මතක තියාගන්න කියල එයා එතන මතක තියාගන්නව. ඒ කියන්නේ අපේ project එකේ complete snapshot එකක් එයා save කරගන්නවා. Git වල ඒ විදිහේ snapshot කැමති ප්‍රමාණයක් අපිට් save කරලා තියාගන්න පුළුවන්. මේ snapshot සේරගේම එකතුවට එහෙමත් නැතිනම් මේ snapshot save කරලා තියෙන data structure එකට අපි කියනවා repository එකක් කියල. අපිට අපේ මේ repository එකේ ඕනිම තැනකට යන්න පුලුවන් ලෙසියෙන්ම  පොඩි පොඩි commands පාවිච්ච් කරලා. ඒ කියන්නේ අපිට අපේ code එක මාස 2 කට විතර කලින් කොයි විදිහිටද තිබුනේ කියල බලාගන්න පුළුවන් ලේසියෙන්ම. ඒ වගේම අපිට එතන ඉදන් ලෙසින්ම අද තියෙන code එකටත් එන්න පුළුවන්.

කොහොමද අපි Git use කරන්න පටන් ගන්නේ?

ඔයාල windows user කෙනෙක් නම් මේ download git කියන link එකට ගිහින් Git software එක download කරගන්න ඔයා ubuntu user කෙනෙක් නම් මේ පල්ලෙහා තියෙන code එක terminal එකේ copy & paste කරන්න.

add-apt-repository ppa:git-core/ppa ; apt update; apt install git

Git විතරද තියෙන්නේ?

නෑ. මේ වගේ තව ගොඩක්   version control systems ලෝකෙ තියෙනවා.
උදාහරණ :




මන් හිතන්නේ අදට මේ ටික ඇති මීට වඩා කිව්වොත් මේකත් lecture එකක් වගේ වෙන්ව. Git හරියටම use කරන්නේ කොහොමද කියල ඊලග post එකෙන් අපි කතා කරමු.. එහෙනම් ඊලග blog post එකෙන් හම්බෙමු.
ඔයාලට තියෙන ප්‍රශ්න, එහෙමත් නැතිනම් post එකේ තව වෙන්න ඕනි වෙනස්කම් තියෙනවනම් පහලින් තියෙන comment section එකේ comment එකක් දන්නත් අමතක කරන්නත් එපා. 

හැමෝටම තෙරුවන් සරණයි!


Comments

Post a Comment

Popular posts from this blog

How to be a Web Developer - 03

How to be a Web Developer - 03                     අදත් හැමදෙනවා The Rise වෙත ආයුබෝවන් කියල පිලිගන්නවා...... අපි කලින් ලිපි වලදී කතා කල කොහොමද දක්ෂ front-end developer කෙනෙක් වෙන්නේ කියල...එහෙමත් නැතිනම් කොහොමද හොද web designer කෙනෙක් වෙන්නේ කියල.... අද අපි කතා කරමු අපි මොනාද ඉදිරියට කරන්න ඕනි කියල....           ඔයාට දක්ෂ web developer කෙනෙක් වෙන්න ඕනි නම් ඔයා ඉදිරියම මේ දේවල් ඉගන ගන්න වෙනවා... Server Side Language (php , JavaScript , Ruby...) Some JavaScript Frameworks (React , Angular...) Database (MySQL , MongoDB ...) Side Technologies               ඔය server side programming language එකක් ඉගන ගද්දි ඔයාට එන ප්‍රධාන ප්‍රශ්නයක් තමා මොන language එකද ඉගන ගන්නේ කියන ප්‍රශ්නේ... ඔයාට කෙනෙක් කියන්න පුළුවන් php ඉගන ගන්න කියල... තව කෙනෙක් කියන්න පුළුවන් JavaScript ඉගන ගන්න කියල... තවත් කෙනෙක් කියන්න පුලුවන් ඔය දෙකේම නෙවෙයි Ruby හරි Python හරි ඉගන ගන්න කියල... හැබැයි මම කියන්නේ ඔය ඔක්කොම හරි.... ඔය මොන language එක ඉගන ගත්තත් ඔයාට පාඩුවක් වෙන්නේ  නැහැ... මොකද ඔය in

Gmail account එකට UOM webmail එකට එන email ගෙන්න ගන්නේ කොහොමද?

මේක නම් ගොඩක් වැදගත් වෙයි කියල හිතෙනවා. මොකද අපිට university එකෙන් එන email ගොඩක් වෙලාවට miss වෙනවා අපි  https://web.mail.uom.lk/   site එකට නිතර යැවෙන් නැති හින්ද. එකට හොද විසදුමක් තමයි මේ email account එකත් අපිට හුරුපුරුදු අපේ gmail account එකත් එක්ක link කරන එක.  එක කරන විදිහ මම  මේ post එකෙන් ඔයාලට කියල දෙන්නම්.  මුලින්ම ඔයාල ඔයාලගේ gmail account එකට laptop එකකින් ලොග් වෙන්න ඕනි මොකද phone එකකින් මේ වැඩේ කරන එක ටිකක් විතර කරදරයි. ඊළගට මේ විදිහට settings හදන්න පටන් ගන්න. 1. gmail index page එකේ දකුණු පැත්තේ තියෙන   මේ gear icon එක උඩ click කරන්න. 2.  settings menu එක select කරන්න. 2.   Accounts and Import menu  එක select කරන්න 3.  Check mail from other accounts section එකේ  Add a mail account link එක උඩ click කරන්න.   4. ඔයාලගේ uom email address එක මෙතනට දීල next කරන්න 5. ඊලග prompt එකේදී මම කරලා තියෙන විදිහටම settings හදන්න. 6. මේකේ username එක වෙනුවට ඔයාගේ index number එක දෙන්න password එක වෙනුවට ඔයාගේ uom webmail එකේ password එක දෙන්න, අනිත් set