Skip to main content

Gmail account එකට UOM webmail එකට එන email ගෙන්න ගන්නේ කොහොමද?

මේක නම් ගොඩක් වැදගත් වෙයි කියල හිතෙනවා. මොකද අපිට university එකෙන් එන email ගොඩක් වෙලාවට miss වෙනවා අපි https://web.mail.uom.lk/  site එකට නිතර යැවෙන් නැති හින්ද. එකට හොද විසදුමක් තමයි මේ email account එකත් අපිට හුරුපුරුදු අපේ gmail account එකත් එක්ක link කරන එක. 

එක කරන විදිහ මම  මේ post එකෙන් ඔයාලට කියල දෙන්නම්.  මුලින්ම ඔයාල ඔයාලගේ gmail account එකට laptop එකකින් ලොග් වෙන්න ඕනි මොකද phone එකකින් මේ වැඩේ කරන එක ටිකක් විතර කරදරයි. ඊළගට මේ විදිහට settings හදන්න පටන් ගන්න.

1. gmail index page එකේ දකුණු පැත්තේ තියෙන Settings මේ gear icon එක උඩ click කරන්න.

2.  settings menu එක select කරන්න.




2.  Accounts and Import menu එක select කරන්න

3. Check mail from other accounts section එකේ Add a mail account link එක උඩ click කරන්න.

 

4. ඔයාලගේ uom email address එක මෙතනට දීල next කරන්න



5. ඊලග prompt එකේදී මම කරලා තියෙන විදිහටම settings හදන්න.




6. මේකේ username එක වෙනුවට ඔයාගේ index number එක දෙන්න password එක වෙනුවට ඔයාගේ uom webmail එකේ password එක දෙන්න, අනිත් settings මම හදල තියෙන විදිහටම හදල Add Account click කරන්න.




7. ඔයාට මේ වගේ prompt එකක් එයි. එකත් next කරන්න.


8. එකේදිත් ඔය විදිහට settings හදල ඔයාගේ නමත් set කරල next කරන්න.

 

9. මේ විදිහට settings හදල ඔයාගේ index එකයි password එකයි ආයේ පාරක් දීල Add Account කරන්න.


10. ඔයාට මෙන්න මේ වගේ window එකක් පෙනෙයි. 


11. මෙතනට දෙන්න ඕනි confirmation code එක ඔයාගේ https://web.mail.uom.lk/  account එකට ඇවිත් ඇති මෙන්න මේ වගේ email එකක.


12. මේ code එක දීල verify කලාම අපේ වැඩ ඉවරයි. 


ඔය මේ වැඩේ හරියටම කළ නම් ඔයාගේ gmail inbox එකට ගියාම උඩින්ම ඔයාට google එකෙන් එව්ව confirmation code එක තියෙන email එක පෙනේවි. ඔයාගේ uom email address එක label එකක් විදිහට subject එකත් එක්ක තියෙනව පෙනේවි.

මම මේ විස්තර ටික හොයාගත්තේ මෙන්න මේ site එකෙන් http://cites.mrt.ac.lk/services/manage-uom-email/synchronization-with-gmail/ 

ඔන්න එහෙනම් ඒ වැඩෙත් ඉවරයි. වැඩේ කොහොමද? හරි ගියාද? නැද්ද? කියල comment එකකුත් දාන්න අමතක කරන්න එපා. 
හැමෝටම බුදු සරණයි!

-- Chamath--

Comments

Post a Comment

Popular posts from this blog

Linux ඉගෙන ගනිමු… - 01

Linux ඉගෙන ගනිමු … - 01 අපි මුලින්ම බලමු මොකද්ද මේ Linux කියන්නේ කියල . Linux කියල කියන්නේ අපි භාවිතා කරන Windows 10, Windows 8.1, Mac OS X, වගේම තවත් එක Operating System එහෙමත් නැත්නම් OS එකක් . Linux, සාමාන්‍ය Desktop පරිගණක වල OS එකක් විදිහට භාවිත කරන්න කලින් , ගොඩක්ම භාවිත වුණේ Server, Embedded Systems වගේ දේවල් වලයි . එත් අද වෙනකොට Linux, ගොඩක්ම ආරක්‍ෂිත , විශ්වාසවන්ත , කරදර නැති OS එකක් විදිහට ගොඩක් Tech Field එකේ ඉන්න අය භාවිතා කරනවා .             ඉතිං තව ගොඩක් විස්තර කියන්න කලින් මම මුලින්ම OS එකක් හැදිලා තියෙන්නේ මොනවගේ කොටස් වලින්ද කියල පොඩ්ඩක් කියල ඉන්නම් . ඉස්සරහට යද්දී එක ගොඩක් වැදගත් වෙයි .             OS එකක මෙන්න මේ කොටස් ටික තියනවා ... •     The Boot-loader මේ කොටසින් තමයි අපේ Computer එක Boot කරලා දෙන්නේ . Computer එක On වෙනකොට අපේ Machine එකේ Brand Name එක වැටෙන Screen එක විදිහට අපිට මේක බලාගන්න පුළුවන් . •  ...

Git සහ GitHub ගැන සිංහලෙන් - 01

The Rise blog එකට ඔයාල හැමෝවම  ආයුබෝවන් කියල පිලිගන්නවා.  මේක තමයි මම ලියන පලවෙනි blog පොස්ටුව. ඉතින් මේක කියවල අඩුපාඩු පල්ලෙහායින් comment එකකුත් දාන්න කියල ඉල්ලන ගමන්ම අපේ මාතෘකාවට මම එන්නම්. අපිට මොකටද Git ? Git ගැන කතා කරන්න කලින් අපි බලමු ඇයි අපිට Git වගේ software ඕනි වෙන්නේ කියල.  මම පුංචි උදාහරණයක් ගන්නම්. අපි හිතමු, අපි මාස 3ක් 4ක් ඉදන් software එකක් develop කරන් යනවා. ඔයාලට හිතාගන්න පුළුවන්නේ මාස 3ක් 4ක් යනකොට මුලින් empty folder එකක් විදිහට තිබ්බ software project එක කොච්චර වෙනස් වෙලා ඇතිද කියල කොච්චර files add වෙලාද ඒ files කොච්චර change වෙලා ඇතිද කියල. ඉතින් ඔන්න මාස 4කට විතර පස්සේ අපිට ආයෙත් මාස 2 කට විතර කලින් තිබ්බ code එක බලන්න ඕනි වෙනව. දැන් කොහොමද අපි පරණ code එක බලන්නේ? ඔන්න ඔය ප්‍රශ්නෙට විසදුමක් විදිහට තමයි ඉස්සෙල්ලම version control systems   කියල ජාතියක් ලෝකෙට එන්නේ. ලෝකයේ ගොඩක් දෙනෙක් use කරන ගොඩක් ප්‍රසිද්ද අපි කතා කරපු විදිහේ   version control systems  එකක් තමයි Git කියල කියන්නේ. Git මෙච්චර ජනප්‍රිය වෙන්න ප්‍රදාන හේතුවක් ...