Skip to main content

Linux ඉගෙන ගනිමු… - 01




Linux ඉගෙන ගනිමු… - 01



අපි මුලින්ම බලමු මොකද්ද මේ Linux කියන්නේ කියල. Linux කියල කියන්නේ අපි භාවිතා කරන Windows 10, Windows 8.1, Mac OS X, වගේම තවත් එක Operating System එහෙමත් නැත්නම් OS එකක්. Linux, සාමාන්‍ය Desktop පරිගණක වල OS එකක් විදිහට භාවිත කරන්න කලින්, ගොඩක්ම භාවිත වුණේ Server, Embedded Systems වගේ දේවල් වලයි. එත් අද වෙනකොට Linux, ගොඩක්ම ආරක්‍ෂිත, විශ්වාසවන්ත, කරදර නැති OS එකක් විදිහට ගොඩක් Tech Field එකේ ඉන්න අය භාවිතා කරනවා.
            ඉතිං තව ගොඩක් විස්තර කියන්න කලින් මම මුලින්ම OS එකක් හැදිලා තියෙන්නේ මොනවගේ කොටස් වලින්ද කියල පොඩ්ඩක් කියල ඉන්නම්. ඉස්සරහට යද්දී එක ගොඩක් වැදගත් වෙයි.
           
OS එකක මෙන්න මේ කොටස් ටික තියනවා...

    The Boot-loader
මේ කොටසින් තමයි අපේ Computer එක Boot කරලා දෙන්නේ. Computer එක On වෙනකොට අපේ Machine එකේ Brand Name එක වැටෙන Screen එක විදිහට අපිට මේක බලාගන්න පුළුවන්.

    The Kernel
මේ තමයි අපේ OS එකේ මදය. මෙයා තමයි CPU, Memory, Peripheral Devices (Input/Output Devices වගේ ඒවා) කලමනාකරණය කරන්නේ.

    Daemons
අපේ Computer එකේ Background Services වලට තමයි මෙහෙම කියන්නේ. මේවා අපේ Computer එක Boot වෙද්දී වගේම Desktop එකට ආවට පස්සේ උනත් පටන්ගන්න පුළුවන්. අපි අපේ පරිගණකයේ Game එකක් ගහද්දි, Film එකක් බලද්දීත් අපිට නොදැනීම මේ Programs, පසුබිමෙන් Run වෙනවා.

    The Shell
මේක තමයි Windows වල නම් Command Prompt (CMD) කියල කියන්නේ. එක එක Commands use කරල නොයෙකුත් වැඩ කරගන්න පුළුවන් Text Interface එකකට තමයි Shell කයල කියන්නේ.

    Graphical Server
මෙයා තමයි Monitor එකේ Graphics පෙන්නන්න උදවු වෙන්නේ.

    Desktop Environment
අපි Computer එක On කලාට පස්සේ අපි Interact කරන්නේ මෙයා එක්ක. හැම Desktop Environment එකකම File managers, Configuration tools, Web browsers, Games වගේ Built-in Applications තියනවා.

            දැන් නම් මේක Linux ගැන තියන ලිපියකට වඩා OS ගැන තියන ලිපියක් වගේ නේ ???. එත් මේ දැනුම ඉස්සරහට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.
           
            දැන් කට්ටිය හිතයි Windows 10 වගේ හොද ( හොදයි කියල හිතාගෙන ඉන්න) OS එකක් තියෙද්දී ඇයි අපි මේ Linux ගැන වද වෙන්නේ කියල. මම දැන් කියන්න යන්නේ ඇයි අපි Linux use කරන්න ඕනි කියල.

ඇයි Linux...??
      
දැන් නම් ලිපිය ටිකක් දිග වැඩි වේගන එන්නේ... ඒ නිසා "ඇයි Linux...??" කියල ඊලග ලිපියෙන් බලමු. 
 මේ මම blog එකකට ලියපු පලවෙනි ලිපිය. ඉතිං අඩු පාඩු නම් ගොඩක් ඇති. ඔයාල සමහර විට මට වැඩ Linux ගැන දන්නවත් ඇති. ඉතිං හොඳ නොහොඳ ඔක්කොම Comment කරන්න... 😋

-නනා-

Reference:-
https://www.linux.com/


Comments

Post a Comment

Popular posts from this blog

Git සහ GitHub ගැන සිංහලෙන් - 01

The Rise blog එකට ඔයාල හැමෝවම  ආයුබෝවන් කියල පිලිගන්නවා.  මේක තමයි මම ලියන පලවෙනි blog පොස්ටුව. ඉතින් මේක කියවල අඩුපාඩු පල්ලෙහායින් comment එකකුත් දාන්න කියල ඉල්ලන ගමන්ම අපේ මාතෘකාවට මම එන්නම්. අපිට මොකටද Git ? Git ගැන කතා කරන්න කලින් අපි බලමු ඇයි අපිට Git වගේ software ඕනි වෙන්නේ කියල.  මම පුංචි උදාහරණයක් ගන්නම්. අපි හිතමු, අපි මාස 3ක් 4ක් ඉදන් software එකක් develop කරන් යනවා. ඔයාලට හිතාගන්න පුළුවන්නේ මාස 3ක් 4ක් යනකොට මුලින් empty folder එකක් විදිහට තිබ්බ software project එක කොච්චර වෙනස් වෙලා ඇතිද කියල කොච්චර files add වෙලාද ඒ files කොච්චර change වෙලා ඇතිද කියල. ඉතින් ඔන්න මාස 4කට විතර පස්සේ අපිට ආයෙත් මාස 2 කට විතර කලින් තිබ්බ code එක බලන්න ඕනි වෙනව. දැන් කොහොමද අපි පරණ code එක බලන්නේ? ඔන්න ඔය ප්‍රශ්නෙට විසදුමක් විදිහට තමයි ඉස්සෙල්ලම version control systems   කියල ජාතියක් ලෝකෙට එන්නේ. ලෝකයේ ගොඩක් දෙනෙක් use කරන ගොඩක් ප්‍රසිද්ද අපි කතා කරපු විදිහේ   version control systems  එකක් තමයි Git කියල කියන්නේ. Git මෙච්චර ජනප්‍රිය වෙන්න ප්‍රදාන හේතුවක් තමයි ඒක Free & Open Source sof

How to be a Web Developer - 03

How to be a Web Developer - 03                     අදත් හැමදෙනවා The Rise වෙත ආයුබෝවන් කියල පිලිගන්නවා...... අපි කලින් ලිපි වලදී කතා කල කොහොමද දක්ෂ front-end developer කෙනෙක් වෙන්නේ කියල...එහෙමත් නැතිනම් කොහොමද හොද web designer කෙනෙක් වෙන්නේ කියල.... අද අපි කතා කරමු අපි මොනාද ඉදිරියට කරන්න ඕනි කියල....           ඔයාට දක්ෂ web developer කෙනෙක් වෙන්න ඕනි නම් ඔයා ඉදිරියම මේ දේවල් ඉගන ගන්න වෙනවා... Server Side Language (php , JavaScript , Ruby...) Some JavaScript Frameworks (React , Angular...) Database (MySQL , MongoDB ...) Side Technologies               ඔය server side programming language එකක් ඉගන ගද්දි ඔයාට එන ප්‍රධාන ප්‍රශ්නයක් තමා මොන language එකද ඉගන ගන්නේ කියන ප්‍රශ්නේ... ඔයාට කෙනෙක් කියන්න පුළුවන් php ඉගන ගන්න කියල... තව කෙනෙක් කියන්න පුළුවන් JavaScript ඉගන ගන්න කියල... තවත් කෙනෙක් කියන්න පුලුවන් ඔය දෙකේම නෙවෙයි Ruby හරි Python හරි ඉගන ගන්න කියල... හැබැයි මම කියන්නේ ඔය ඔක්කොම හරි.... ඔය මොන language එක ඉගන ගත්තත් ඔයාට පාඩුවක් වෙන්නේ  නැහැ... මොකද ඔය in

Gmail account එකට UOM webmail එකට එන email ගෙන්න ගන්නේ කොහොමද?

මේක නම් ගොඩක් වැදගත් වෙයි කියල හිතෙනවා. මොකද අපිට university එකෙන් එන email ගොඩක් වෙලාවට miss වෙනවා අපි  https://web.mail.uom.lk/   site එකට නිතර යැවෙන් නැති හින්ද. එකට හොද විසදුමක් තමයි මේ email account එකත් අපිට හුරුපුරුදු අපේ gmail account එකත් එක්ක link කරන එක.  එක කරන විදිහ මම  මේ post එකෙන් ඔයාලට කියල දෙන්නම්.  මුලින්ම ඔයාල ඔයාලගේ gmail account එකට laptop එකකින් ලොග් වෙන්න ඕනි මොකද phone එකකින් මේ වැඩේ කරන එක ටිකක් විතර කරදරයි. ඊළගට මේ විදිහට settings හදන්න පටන් ගන්න. 1. gmail index page එකේ දකුණු පැත්තේ තියෙන   මේ gear icon එක උඩ click කරන්න. 2.  settings menu එක select කරන්න. 2.   Accounts and Import menu  එක select කරන්න 3.  Check mail from other accounts section එකේ  Add a mail account link එක උඩ click කරන්න.   4. ඔයාලගේ uom email address එක මෙතනට දීල next කරන්න 5. ඊලග prompt එකේදී මම කරලා තියෙන විදිහටම settings හදන්න. 6. මේකේ username එක වෙනුවට ඔයාගේ index number එක දෙන්න password එක වෙනුවට ඔයාගේ uom webmail එකේ password එක දෙන්න, අනිත් set