IT field එකේ ඉද්දි අපිට Presenting කියන දේ නැතුවම බැරි දෙයක්. අපි හදපු Product එකක් Present කරන විදිය, එහෙමත් නැත්නම් Market කරන විදියත් හේතුවක් වෙනව Customer ඒ Product එක මිලට ගන්නවද නැද්ද කියන එක තීරණය වෙන්න. Marketing වලදි Graphic Design කියනදේ අපිට ගොඩක් වැදගත් වෙනව. IT field එකට යන්න කලින් කරන්න තියන වැඩ ටික ගොඩ දාගන්නත් Graphic Design ගැන මූලික දැනුමක් තිබුනොත් හොඳයි Lab session වලිදි සමහරවිට තේරිල ඇති. Fb post එකක් අවුලක් නැතුව හදාගන්නෙ කොහොමද? Photo එකක් Retouch(ඔය මූණෙ තියන Pimple, වලවල් අයින් කරනවට, තේරෙන බාසාවෙන් කිවුවොත්)කරන්න, ලේසියෙන් Photo එකක Color balance කරල eye catching වෙන විදියට හදන්නෙ කොහොමද කියල වගේ දේවල් ඉස්සරහට කියල දෙන්න අදහසක් තියනව. මේ වැඩ ටික Adobe Photoshop මෘදුකාංගය පාවිච්චි කරල කරගන්න පුලුවන්. ඉතින් Graphic Design ඉගනගන්න ආස අයට අත්වැලක් විදියට Photoshop පාඩම් මාලා අංක් 01 විදියට බලමු Creative විහිදියට Photoshop වලින් Profile Picture එකක් හදාගන්නෙ කොහොමද කියල. හරි දැන් ඔයාලගෙ පැහදිලි පින්තූරයක් ගන්න. මම නම් net එකෙන් පින්තූරයක්...