IT field එකේ ඉද්දි අපිට Presenting කියන දේ නැතුවම බැරි දෙයක්. අපි හදපු Product එකක් Present කරන විදිය, එහෙමත් නැත්නම් Market කරන විදියත් හේතුවක් වෙනව Customer ඒ Product එක මිලට ගන්නවද නැද්ද කියන එක තීරණය වෙන්න. Marketing වලදි Graphic Design කියනදේ අපිට ගොඩක් වැදගත් වෙනව.
IT field එකට යන්න කලින් කරන්න තියන වැඩ ටික ගොඩ දාගන්නත් Graphic Design ගැන මූලික දැනුමක් තිබුනොත් හොඳයි Lab session වලිදි සමහරවිට තේරිල ඇති. Fb post එකක් අවුලක් නැතුව හදාගන්නෙ කොහොමද? Photo එකක් Retouch(ඔය මූණෙ තියන Pimple, වලවල් අයින් කරනවට, තේරෙන බාසාවෙන් කිවුවොත්)කරන්න, ලේසියෙන් Photo එකක Color balance කරල eye catching වෙන විදියට හදන්නෙ කොහොමද කියල වගේ දේවල් ඉස්සරහට කියල දෙන්න අදහසක් තියනව. මේ වැඩ ටික Adobe Photoshop මෘදුකාංගය පාවිච්චි කරල කරගන්න පුලුවන්.
ඉතින් Graphic Design ඉගනගන්න ආස අයට අත්වැලක් විදියට Photoshop පාඩම් මාලා අංක් 01 විදියට බලමු Creative විහිදියට Photoshop වලින් Profile Picture එකක් හදාගන්නෙ කොහොමද කියල.
හරි දැන් ඔයාලගෙ පැහදිලි පින්තූරයක් ගන්න. මම නම් net එකෙන් පින්තූරයක් ගත්ත. මගේ පින්තූරයක් ගත්තොත් ආයෙ කවුරුවත් බ්ලොග් එක පැත්තෙ එන එකක් නැහැ.😂
පළවෙනි පියවර විදියට අපි පින්තූරෙ Crop(c) කරගමු Crop tool එකෙන්. මන් Shortcut Key එක වරහන් අතුලෙ දැම්ම.

දැන් අපි පින්තූරෙ ටිකක් එලිය කරගමු. අපිට levels වෙනස් කරලා ඒ වැඩේ කරගන්න පුලුවන්. Image > Adjustments > Levels වලට යන්න නැත්තම් Ctrl + l පාවිච්චි කරන්න පුලුවන්. ඊටපස්සෙ සුදු පාට ඊතළය ටිකක් වමට කරල පින්තූරෙ දීප්තිමත් කරන්න පුලුවන්. වම් පත්තෙ කලුපාට ඊතළය දකුණට කරල Contrast වැඩි කරන්න පුලුවන්. ඒ මොනවත් නොකර ඕන නම් පහළින් තියන කොටු තුනේ 7 , 1.15, 197 type කරලත් එළිය හදන්න පුලුවන්.
ඕගොල්ලන්ට පෙනුනද දන්නෙ නෑ මේ අයියගෙ කනෙ පොඩි අවුලක් තියනව. 😁 අපිට මේ සිදුර Spot Healing Brush Tool (I) එකෙන් හදන්න පුලුවන්. ඒ සිදුර වැහෙන්න මේ tool එකෙන් පාට කරන්න. එතකොට හරි යයි.

දැන් අපි මෙකෙ background එක අයින් කරගමු. හැබෙයි මන් මෙ කරන වැඩේ කරන්න පුලුවන් තනි පාට background එකක් තියන පින්තූරයකට තමා. එහෙම නැති පින්තූරයකත් background අයින් කරන්න පුලුවන්. ඒහෙම කරන විදියත් ඕන නම් පහළින් comment එකක් දාන්න. Tool box එකෙන් Magic Wand Tool (W) එක අරගෙන background එක click කරන්න. එතකොට පෙනෙයි background එක වටේ නලියන කඩඉරක් යනව. Select > Inverse (Shift + Ctrl + i) ගිහිල්ල අපි මනුස්සයගෙ මූණ select කරගමු.

හරි දැන් මෙයාගෙ කොණ්ඩෙ එහෙම ගානට වෙන කරගන්න ඔන හින්ද උඩ තියන Refine Edge button එක click කරන්න. එතකොට මනුස්සය ඇරෙන්න අනිත් ටික සුදු පාටට පෙනෙයි. එන window එකේ Radius එකට 1.5 විතර දෙන්න. ඊට පස්සේ Output කියන list එකේ New Layer with Layer Mask කියන option එක දෙන්න. එතකොට අලුත් layer එකක් ඒවි Mask එකක් වැටුනු. ඕගොල්ලන්ගෙ පින්තූරෙට ගැළපෙන විදියට Smooth Feather කියන option වෙනස් කරල background එක අයින් කරගන්න පුලුවන්.
අලුත් layer එකක් හදන්න(Ctrl + Shift + n) background එක fill කරන්න ඕන නිසා. ඊටපස්සෙ Paint Bucket Tool (G) එකෙන් #dcdbd9 colour code එකට අදාළ පාට තොරගෙන අලුත් Layer එක Click කරන්න.
හරි අපි දැන් තව පින්තූරයක් මේකට පාවිච්චි කරනවා. මෙන්න මේ වගේ පින්තූරයක් තමයි මම ගත්තෙ.
දැන් මෙක අර මනුස්සයගෙ පින්තූරෙ උඩට ඇදල දාන්න ඕනෙ. ඊටපස්සෙ මනුස්සයගෙ Layer එකේ Mask එක උඩ Ctrl ඔබාගෙන click කරන්න. මේ මනුස්සයගෙ මූනෙ හැඩේට කඩ ඉරක් මේ විදියට ඇඳෙයි.
Layer panel එකෙ පහළින් තියන Add vector mask button එක click කරාම දෙවෙනි පින්තූරෙ මූනෙ හැඩේට කැපෙනව. ඇත්තටම මෙතෙන්දි වුනේ දෙවෙනි පින්තූරෙට වෙස් මූනක් දාල හැඩේ වෙනස් කරගත්ත එකයි. හොඳට බලන්න Layer panel එකේ Mask එකයි දෙවෙනි රූපෙ අතෙරෙ පොඩි සළකුනක් තියන්ව. මෙ සළකුන click කරාම ඒක නැති වෙනව එතකොට අපිට Mask එකයි රූපෙයි වෙන වෙනම හසුරවන්න පුළුවන්.

අපි මේ මූනෙ copy එකක් ගන්න හදන්නෙ. ඒකට Ctrl + j එකපාර press කර්න්න. ඊටපස්සෙ ඒ Layer එක Layer panel එකේ උඩටම ඇදල දාන්න.
දැන් අපි මේ පින්තූරෙ දෙවෙනි පින්තූරෙට හරියන්න තනි පාටකට හදන්න යන්නෙ. ඒකට Image > Adjustments > Desaturate හරි Shift + Ctrl + u press කරන්න.
රූපෙ අලු පාටට හුරු තනි පාටකට එන්න ඇති. ඊටපස්සෙ Ctrl + l එකපාර ඔබල Level window එක අරගෙන කළු පාට ඊතළය පොඩ්ඩක් දකුණු පැත්ට ගන්න. නැත්න්ම අදාළ කොටුවෙ 117 දෙන්න. ඊටපස්සෙ Image > Adjustments > Hue/Saturation ගිහිල්ල පාට ගැළපෙන විදියට හදාගන්න. මෙකෙ අගයන් ගන්න රූපෙන් රූපෙට වෙනස් වෙනව. Hue value එක 212, Saturation level එක 10 විතර මන් හදාගත්ත. ඔක්කොම හදාගෙන OK කරන්න.
දැන් මනුස්සයගෙ Layer එක උඩ Right click කරල එන Menu එකෙ Apply Layer Mask දෙන්න. ඊටපස්සෙ Blending Mode එක Screen විදියට වෙනස් කරගන්න.
ඔන්න වැඩේ ලොකු කොටසක් කරල ඉවරයි. දැන් තියෙන්නෙ පොඩි පොඩි වැඩ ටිකක්. අපි මෙ රූපෙ ටිකක් තාත්වික කරගමු. Brush Tool (B) එක අරගෙන Airbrush Soft Round 17 කියන brush එක තෝරගන්න (Brushes panel එක F5 ඔබල ගන්න පුළුවන්). ඊටපස්සෙ රතු පාටින් පෙන්නාපු ටික මන් කලු කරගන්න යන්නෙ Mask layer එකේ.

මේ අයියගෙ ඇස් හරිය තව පොඩ්ඩක් පැහාදිලි කරගන ඕන. ඒ හින්ද මන් තව අලුත් Layer එකක් හදාගන්නව ඒ Layer එකට පහළින්. රතු පාටින් පෙන්නල තියන ටික මන් පාට කරගන්නව තද නිල් පාටින්. මෙයාගෙ කොන්ඩෙ තියන තද නිල් පටින් තමා මන් පාට කරගන්නෙ. අපිට කොන්ඩෙ තියන තද නිල් පාට Eyedropper Tool (I) එකෙන් select කරගන්න පුළුවන්. මුනෙන් පිට නොයන විදියට පාට කරන්න මන් මූනෙ Layer mask එක Ctrl එකත් එක්ක Click කරනව එත්කොට අර කලින් ආපු කඩ ඉර එනව. දැන් සුදුසු විදියට පාට කරගන්නව.
දැන් තියෙන්නෙ අන්තිම ටික. අපි මුලින් තනි පාට කරගත්ත පින්තූරෙ ට mask එකක් දෙන්න යන්නෙ. කලින් කරපු විදියටම ඒ Layer එක Select කරල Add Layer Mask button එක click කරන්න. Mask Layer එකේ කළු කරල තියන ටික ඊට අදාළ රූපෙ පෙන්නෙ නැහැ ඒකයි මෙකට Mask එකක් කියන්නෙ. අන්තිමට පහළ තියන රූපෙ විදියට රතු පාටින් පෙන්නල තියන ටික mask layer එකේ මන් කළු පාටින් පාට කරගන්න සුදුසු විදියට.
ඔන්න වැඩේ ඉවරයි. ඕගොල්ල තෝරගන්න පින්තූර අනුව මේ කියපුව සමහර දේවල් වෙනස් වෙන්න පුළුවන්.
ඕගොල්ලනට මොනව හරි ප්‍රශ්නයක් තියනම් comment කරන්න. දිගටම මේ වගෙ Photoshop Tutorial ටිකක් අරන් එන්න බලාපොරොත්තු වෙනව. මේ Post එක හැදුවෙ Yulia Sokolova කියන සුපිරි Graphic Designer ගෙ Post එකකින්. ඕගොලන්ගෙ අදහස්, ඉස්සරහට ඕන Tutorialස්, යොජනා චෝදනා comment කරන්න.ඔයාල මේ Tutorial එක කරන්න Try කරනවනම් හදපු Photo එක Google Drive upload කරල ලින්ක් එක comment කරන්න. ආයෙ මේ වගෙ Tutorial එකකින් හමුවෙමු !!!
-ජකා-

එල මචං.......
ReplyDeleteඑලම මචං... දිගටම ලියන්ඩෝ... :)
ReplyDeleteWonderful.. Thank u..
ReplyDeleteGood Job, Thanks
ReplyDeleteKeep it up ... :)