Skip to main content

How to be a Web Developer-01

     How to be a Web Developer


                 අපි මුලිම්ම බලමු මොකද්ද මේ web developing කියල...
සරලවම කියනවනම් web developing කියන්නේ internet එකට web site හදන එක කියල කියන්න පුළුවන්....මේ web site හදන process එකට ප්‍රධාන වශයෙන් දෙන්නෙක් හවුල් වෙනවා....           
            1.Web Designer
            2.Web Developer
Web Designer කරන්නේ web site එක තියෙන්න ඕන කොහොමද කියල එහෙමත් නැත්නම් web site එකේ හැඩරුව කොහොමද කියන එක තීරණය කිරීම... මේකෙදි  එයා මුලික වශයෙන් html , css සහ photoshop වගේ දේවල් use කරලා web site එක design කරනවා....
එතකොට අද අපි කතා කරන්න යන web developer ට කරන්න තව ගොඩක් වැඩ තියනවා....අපි පියවරෙන් පියවර ඒ දේවල් ටික දැනගනිමු....


            මුලිම්ම ඔයා HTML සහ Cascade Style Sheet එහෙමත් නැත්නම් CSS ඉගන ගන්න.... මේකෙදි තියන ප්‍රධාන කාරණාව තමා ඔයාට මේකට alternatives නැහැ.... ඉදිරියේදී අපි ඉගන ගන්නවා bootstrap , javascript , php , angular , php වගේ බර වචන ගොඩක්.... ඒ වගේමයි web developer කෙනෙක් වෙන්නනම් මේ දේවල් use කරන්නත් වෙනවා.... ඒ වගේමයි ඒ කාලේදී අපිට HTML , CSS එච්චර උවමනා නැති වෙනවා... එත් මම හිතනවා HTML , CSS හොදට ඉගනගෙන තියන තරමට ඔයාට වටිනවා..... ඒ නිසා මුලිම්ම HTML , CSS හොදට ඉගනගන්න.....HTML සහ CSS තමා web එකේ building blocks වෙන්නේ.....

        
                     හරි දැන් අපිට HTML , CSS පුළුවන් නිසා අපිට පුළුවන් පොඩි web site එකක් හදාගන්න...ඊළගට ඔයා JavaScript පොඩ්ඩක් ඉගන ගන්න... එකේදී පහල තියන දේවල් වලට ටිකක් වැඩි අවධානයක් දෙන්න....
     1.Basic JS (Forget node.js and frameworks for now)
     2. Data Types: String , number , arrays , objects etc
     3. Functions , conditions , loops , operators 
     4. Event Handling
     5. JSON
     6. jQuery (only if you feel really comfortable with JS)

                 හරි දැන් ඔයාට slide show එකක් එහෙම තියන පොඩි පොඩි වැඩ කෑලි දාපු ලස්සන web page එකක් හදාගන්න පුලුවන්....ඉතින් දැන් ඔයා පොඩියට ඔයාටම කියල web page එකක් හදාගන්න.... ඊළගට පොඩි portfolio web page එකක් හදන්න.....මේ විදියට ඔයාට පුළුවන් basic html, css ටික හොදට ඉගනගන්න...... 

               මේ කිව්ව විදියට ඔයා මේ web page දෙක හැදුවනම් ඔයාට තේරෙයි මේ විදියට කරලනම් කවදාවත් ඔයාට ලොකු web site එකක්නම් හදාගන්න බැහැ  කියල... ඔවු..ඔයා හරි...ඔහොම කරලනම් කවදාවත් ඔයාට ලොකු web site එකක් හදාගන්න බැහැ....මොකද මේ දෙක හදන්නම අපිට කොච්චාරනම් වෙලාවක් ගියාද..... හරි අන්න එකට තමා මම දැන් විසදුමක් අරන් එන්නේ.... 

             මේ ප්‍රශ්නෙට විසදුම තමා bootstrap... bootstrap කියන්නේ front end develop කරන්න තියන framework එකක්... සින්හලෙන් කියනවනම් එකෙන් පුළුවන් අපි මෙච්චර දවසක් මැරීගෙන හදපු web page එක පැයෙන් හදල දෙන්න.....මේක ඉගන ගත්තම ඔයාට තෙරෙයි copy paste කරලා විතරක් අපිට ලස්සන web page හදාගන්න පුළුවන් කියල.....

         ඊළගට ඔයා හදපු මේ web site එක wix.comOOO , webhost.com , x10hosting.com වගේ web hosting site එකක් use කරලා host කරන්න.... ඒ කියන්නේ ඔයා හදපු මේ ඔයාගේ web site එක ලෝකෙ ඕනි තැනක ඉදන් access කරන්න පුළුවන් වෙන විදියට internet එකට දාන්න.....

          හරි ඔය වැඩ  ටික සාර්ථකව කළානම් දැන් ඔයත් web designer කෙනෙක්..... නියමයි නේද....අමාරු වැඩක් නෙවෙයි මේක.....පොඩ්ඩක් මහන්සි වෙන්න විතරයි ඕනි.....හරි දැන් මේ දේවල් ටික ඉගන ගද්දි ඔයාට එන ප්‍රශ්න මොනාද කියල පොඩ්ඩක් බලමු.... ඔයාට එන මුලිකම ප්‍රශ්නයක් තම html ටික දවසක් ඉගනගෙන යනකොට ඔයාගේ මුලදී තිබුණු ගැමම නැතිවෙලා ඔයාට කම්මැලි හිතෙනවා.... මේක වෙන්න ප්‍රධානම හේතුව තමා ඔයා හදන web page මෙලෝ ලස්සනක් නැති වීම...ඔයාටම හිතෙනවා අපෝ මේවා හදන්න මොකටද මෙච්චර දගලන්නේ කියල... එහෙම වෙන්න හේතුව තමා ඔයා තාම css වලින් දාන වැඩ කෑලි දැකල නැති වීම....

          මේක නැතිකරන්න කරන්න පුළුවන් හොදම දේ තමා ඔයා html ඉගන ගන්න ගමන් ලාවට css ටිකත් ඉගන ගන්න.... එහෙම කියල html පටන් ගන්න දවසෙම css පටන් ගන්න එපා.... මුලින් html පටන් අරන් ඒක කරගෙන යන්න.... ඔයාට html ටිකක් පුළුවන් වීගෙන එනකොට ඔයාට කම්මැලි හිතෙයි.... අන්න එතකොට ඔයා css ටිකක් ඉගන ගන්න පටන් ගන්න..... දැන් ඔයාට අයෙත් ගැම්මෙන් වැඩ කරන්න පුලුවන්..... 

                 ඔයා මේ විදියට දිගටම වැඩ ටික කරගෙන යනවනම් ඔයාට කිසිම ගේමක් නැතුව intern යන්න පුළුවන් වෙනවා කියල මම ඔට්ටු අල්ලනවා..... ඒ වගේමයි ඔයා out වෙද්දී කිසිම අමාරුවක් නැතුව රුපියල් 80,000 ට එහා පඩියකට job එකක් හොයාගන්න පුළුවන් වෙනවා ෂුවර්...... ඒ විතරක් නෙවෙයි... ඔයාට ඕනිනම් out වෙන්නත් කලින් ඉදන්ම  free lancer වැඩ කරලා සල්ලි හම්බකරන්නත් පුළුවන්..... හරි එහෙනම් මෙතනින් එහාට මොනාද කරන්න ඕනි කියල අපි ඊලග දවසේ කතා කරමු.... comment කරන්න හැමෝම ඊලග දවස් වල මොනාද කතා කරන්න ඕනි කියල..... එහෙනම් හැමෝටම ජය වේවා..!

-නසියර්-










Comments

  1. HTML, CSS ඉගන ගන්න තියන හොද site මෙතන තියනවා
    https://www.codecademy.com/
    https://www.w3schools.com/html/
    https://www.sololearn.com/
    https://www.edx.org/

    ඔයාලත් දන්න ඒවා comment කරන්න

    ReplyDelete
  2. 😘😘😘 එල එල නසියර්

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. Eka nm ammo pattama patta naziar.. ��

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. Thanks Nazier. It is very helpful. Keep it up!!

    ReplyDelete
  8. එල එල... පුළුවන් කට්ටිය ඊලග දවසේ session එකටත් එන්න බලන්න.... එකේදී තව දේවල් කතා වෙනවා...

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. සුපිරියි.... <3

    ReplyDelete

Post a Comment